තුර්ක්මෙනිස්ථානයේ පාපන්දු තරගාවලිය ඇරඹෙයි

තවමත් කොරෝනා රෝගියක් වාර්තා වී නොමැති රටවල් කිහිපයෙන් එකක් වන තුර්ක්මෙනිස්තානය මෙම ඉරිදා (26 වැනිදා) සිට සිය පාපන්දු තරගාවලිය නැවත ආරම්භ සූදානමින් සිටී.
තුර්ක්මෙනිස්ථානයේ පාපන්දු ලෝලීහු නැවතත් තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණ කරා පැමිණීමට සූදානමින් සිටිති.
මධ්‍යම ආසියාතික රටක් වන තුර්ක්මෙනිස්තානය, කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන එරට ප්‍රධානතම පාපන්දු ලීගය මාර්තු මසයේදී තාවකාලිකාව අත්හිටුවීමට පියවර ගත්තේ ලොව සෙසු රටවල් අනුගමනය කරමිනි. එහෙත් ඒ වන විත් 2020 තරගාවලියේ තරග 3 ක් පැවැත්වී තිබිණ.
කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් තුර්ක්මෙනිස්තාන ජාතික පාපන්දු සම්මේලනය වහාම සිය ප්‍රධානතම පාපන්දු තරගාවලිය අත්හිටුවීමට පියවර ගත්තේය.
කෙසේ වුවත් ඉන් මාසයකට පසුව, තුර්ක්මෙනිස්තාන බලධාරීන් වයිරසයේ තර්ජනය අවතක්සේරු කරන බවට ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති චෝදනා නොතකා පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට තීරණය කර තිබේ. තරගාවලිය ආරම්භ කෙරෙන්නේ ක්‍රීඩාංගණ වලටම පැමිණ තරග නැරඹීමේ ආශාවෙන් පෙළෙන ආධාර කරුවන් සමග එක්වෙමිනි.
“ප්‍රීතිය අපගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා.” යැයි එරට 34 හැවිරිදි ව්‍යවසායකයෙකු වන අෂීර් යූසුපොව් මහතා පැවසීය.
ඔහු කියා සිටියේ වත්මන් ශූරයන් වන ‘ඇල්ටින් අසීර්’ කණ්ඩායම අෂ්ගාබාත් අගනුවරදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ‘කොපෙට්ඩැග්’ කණ්ඩායමට එරෙහිව තරග වදින අයුරු නැරඹීමට තමා බලාපොරොත්තුවෙන් පසුවන බවයි. මෙම තරගය ලබන ඉරිදා (26 වැනිදා) පැවැත්වේ. සෙසු රටවල ක්‍රීඩා ඉසව් තහනම් කිරීම පිළිබඳව තමා දැනුවත්ව සිටිනමුත්, ජනාකීර්ණ ස්ථාන පිළිබඳව තමාට කිසිදු බියක් නොමැති බවද යූසුපොව් මහතා පැවසීය.
"අපට කොරෝනා වයිරසයක් නැහැ. ඉතින් ඇයි අපි ලීගය නැවත ආරම්භ නොකරන්නේ?" යැයි ඔහු අසා සිටියි.
තුර්ක්මෙනිස්තානයට අමතරව සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ තවත් රාජ්‍යයන් දෙකක් වන තජිකිස්තානය සහ බෙලරුසයද වෘත්තීය ලීග අත්හිටුවීමේ ගෝලීය ප්‍රවණතාවට එක්ව සිටිති. කොරෝනා රෝගීන් 4,779 ක් වාර්තා වී ඇති බෙලාරුසය, රසිකයින්ට පාපන්දු තරග සඳහා සහභාගි වීමට ඉඩ දීම පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
තජිකිස්තානය සිය පාපන්දු සමය ආරම්භ කර ඇත්තේ ප්‍රේක්ෂකයන් නොමැතිව තරඟ පැවැත්වීමෙනි. තුර්ක්මේනිස්තානයේ මෙන්ම තජිකිස්තානයේ ඒකාධිපති ආණ්ඩුවද සිය රට තුළ කිසිදු කොරෝනා වයිරසයක් නොමැති බව දිගින් දිගටම අවධාරනය කරයි.
"ස්වර්ණමය යුගය" යන නාමයෙන් හැදින්වෙන අෂ්ගාබාත්හි ‘ඇල්ටින් අසීර්’ කණ්ඩායම පසුගිය වසරේදී (2019) තුර්ක්මේනිස්තාන ලිග් පාපන්දු ශූරතාව දිනා ගත්තේය. ඉරිදා ‘කොපෙට්ඩැග්’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් ‘ඇල්ටින් අසීර්’ කණ්ඩායමට මෙවරද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකි වනු ඇත.


-036